Tuesday, April 3, 2012

බන්දු සූත්තර

මෙහෙවු රටේ පිං ඇති සිනමාව හෙවත් සුනිල් ආරියරත්නයන්ගේ කුස බබා


දෙනෝදහක් කොස්සෝ පිටමැද තැලුවා
දෙනෝදහක් යන එන පාරක ඉඳුවා
කඳුළු වායුවත් සමගින් පැන් වැඩුවා
අසිරිය මවන රට මම හීනෙන් දුටුවා

සුදුසක ලෙසට රථයක් ඇවිදින් පාරේ
කළු රෙදි කඩෙන් මගේ ඇස්දෙක බඳිති අනේ
සුදුයම් දෙයක් සිදුවේදැයි දුටු සීනේ
ආරියරත්නයෙනි මොකදැයි ඔය සීනේ

මහ මග ගිහින් උද්ඝෝෂණ කළ කලට
ඉන්ධන සහන ලැබුනා පොල්ලෙන් පිටට
රන්දම් විලස තොන්ඩුව දැමුවා කරට
අළුයම් වෙලේ ඔය සීනය පෙනුනි මට

කුරහන් සාටකේ ඇවිදින් මල් යහනේ
ඉන්ධන වලින් මගෙ බඩ පිරිමදිති අනේ
මැලියම් කහට නැතිවෙද මම දුටු සිහිනේ
ආරියරත්නයෙනි මොකදැයි ඔය සීනේ

මහසෙන් රැස්ව කුළු පොලු ගෙන වට කරට
අහසින් ඇවිත් උන්ඩත් වැදුනා හිසට
විගසින් ඇහිඳ ගත්තෙමි අමයුරු ලෙසට
හීනෙන් උණ්ඩ ගිලුනා මගේ ගැබ තුළට

අප්පච්චී මරා අප කැඳවා එදිනේ
කිරිබත කවා ඇසුවා දෙවනුව සිහිනේ
ජනයිනි අපල නැත කාටත් ඔය සිහිනේ
ලක්ෂ පහක වන්දිය දුන්නා සහනේ

ඉතින් ඇවිත් කොස්සෝ පැල්පත් දොරට
සොඳින් සිහින තෝරා දුන්නේ අපට
බෝතල් කඩු කිණිසි ආයුධ දී අතට
කුඩෙන් වෙඩි තබනු දුටුවානේ හිසට

කලාකාරයින් උගතුන් බුද්ධි මතුන්
නාහිමි වරුන් පූජකයන් සමග රජුන්
ජන දුක නිවන හැටි දුටුවෙමි හලා පවන්
සංවේදී සතුන් පමණක් බකන් නිලන්

සුනිල් රත්නයෙනි වැඳගෙන බණ පොතට
නපුරු හීන නොපෙනෙයි පිං කල අයට
පෙනුනේ අපට උවදුරු නොම එයි ඔබට
පිං ඇති සිනමාව උපදියි තුං ලොවට


(දයා නෙත්තසිංහ)

Sunday, February 19, 2012

Saturday, February 11, 2012

Friday, February 3, 2012