
ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීමේ ශ්රීන ලංකා ආණ්ඩුවේ තීරණයට විරුද්ධ වූ අධ්‍යාපන අධ්‍යක්ෂක තම දියණිය ඉදිරිපිටදීම මරා දමයි. -(පුවතක්)
නමෝ සිංහයා ගොරවාගෙන කොඩියේ
නමෝ කඩුවකුත් අරගෙන මුර කෙරුවේ
නමෝ බෝපතින් බෝසත් ගුණ ඇඳුණේ
නමෝ රෑ තමයි අප්පට වෙඩි වැදුණේ
නමෝ නමෝ අම්මාගෙන් කිරි පෙවුණී
නමෝ නමෝ ජය පිරිතෙන් පැන් වැඩුණී
නමෝ නමෝ කිරි බත මහ මග ඉදුනී
නමෝ නාඳුනන උණ්ඩෙන් ළය පැලුනී
නමෝ මෙහෙයුමෙන් - අප මුක්තිය ලැබුණී
නමෝ උණ්ඩයෙන් - අප සත්‍යය මැකුණි
නමෝ ශක්තියෙන් - භීතිය හද රැඳුණී
නමෝ විත්තියෙන් - ප්‍රාණෙට වෙඩි වැදුණී
නමෝ නමෝ කොඩියේ ඉඩ ඔබ ගන්න
නමෝ නමෝ ගීයත් පවරා ගන්න
නමෝ නමෝ ඒ ඔක්කොම ඔබ ගන්න
නමෝ නමෝ අප්පච්චී මට දෙන්න
- සැකකාරයා
No comments:
Post a Comment