
හිටපු කොටි සාමාජිකයන්ට පෙළ පොත් (පුවතක්)
අල්ලට තරම් වත් ඇති නිදහසම තකා
බල්ලට බෙදන තරමට හිරබතම කකා
''කල්ලට" කරන ගැරහුම් දැලි කුණෙන් මකා
වන පොත් කරමි පෙළපොත් ජීවිතය පතා
නංගී කකුල නැති උඹ කඳවුරේද....?
අක්කගේ ඇස් දෙකෙන් ලෝකය දකීද....?
අප්පා දණ නොගා පයබිම තබාද....?
කඳවුරේ වැටෙන් නිදහස ලැබේද....?
නුගගහයට ඇති ගණදෙවි රූපෙට
මින්පසු ඉඩකඩ නැතිවෙනවා.....!
සිංහල සිරිතට හතර පෝයටම
අපි මෙහි සිල්රෙදි පොරවනවා.....!
ලොකු ලොකු අය එන උත්සව වලටත්
අත්පුඩි ගහන්න අපියනවා.....!
ඊට පස්සේ ඒ වැසිකිලි සේරම
අපේ අත්වලින් සෝදනවා.....!
සාමා අමර සල්මල් ගහයට ඉඳිතී
සිංහල හෝඩ්යෙන් මම අකුරක් අඳිමී
බුද්ධාගම පොතේ හැටියට මෙත් වඩමී
සිංහලයෙකු වෙලා මම නිදහස ලබමී.
සැකකාරයා


