Monday, June 13, 2011

වියමන හැඟවුම සහ හැඟවුම් කාරකය


කටුනායක පොලිස් වෙඩිතැබීම ගැන ජනාධිපති
පොලිස් පතිගෙන් සම්පූර්ණ වාර්තාවක් ඉල්ලයි...
(පුවතක්)


බාලේ මෙහෙ ‍වරෙන් කටුවක් ඇත කන්ට
කාලේ බොහොම නපුරුයි බැහැ නිදියන්ට
සීලේ තබමි ඊළඟ පෝයට ගන්ට
වේලේ රහට ඇඟමස වුව ගම් කන්ට

හොල්ලන් කන්න සේවක වැටුපෙන් ගන්න
කොල්ලන් මරා වුව කම් නැත ඉඩ ගන්න
පොල්ලෙන් බැරි උනොත් උන්ඩෙන් වැඩ ගන්න
පල්ලන් බසිනු බෑ ඕනෑ ගොඩ යන්න

වැඩේ වැරදුනොත් බාලේ උඹ ගෙදර
කඩේ යන්න තනතුරකුත් දෙමි විරල
පදේ හැටියටම නැටුවොත් උඹ සරල
අඩේ ඉතින් උඹටත් අරලිය සිසිල

මීයේ පැණි හිඟයි බැහැ අත ලෙවකන්ඩ
ඊයේ පනත යලි ගෙන එමි ලේ බොන්ඩ
සීයේ කියන තුරු මට රට කරවන්ඩ
ආයේ කතිර යුද්ධෙන් මම දිනවන්ඩ

සැකකාරයා